Pages

Friday, September 24, 2010

මාත් අල්ල ගත්ත කොටි වලිගයක්

ඔන්න එහෙනම් හැමෝටම ආයුබොවන් කිව්ව. අද ඉඳන් මාත් ලියන්න පටන් ගන්නව බ්ලොග් එකක්. ලියනවයි කිව්වට මම ලියන්න නම් එච්චර දක්ෂ නෑ. ඉස්කෝලෙ යන කාලෙ ලිව්වයින් පස්සෙ මං හිතන්නෙ මේ පලවෙනි වතාවට මෙහෙම ලියන්නෙ. කොහොම හරි කමක් නෑ දැන් ඉතිං පටන් ගත්ත එක ලියන්නත් එපැයි. මේකත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ වේවිද දන්නැ. මොකද ඉතින් නොලියම හිටියොත් සින්ඩියෙනුත් එලවනවලුනේ. ඒකයි මම මාතෘකාවත් දැම්මෙ කොටි වලිගෙ අල්ල ගත්තයි කියල. ඔක්කොටම වඩා අමාරු මේ සිංහලෙන් කොටන එක. සිංහලෙන් කොටන්න නම් ඉතිං ඕන තරම් ක්‍රම තිබුනට මට හිතුන මගේම ක්‍රමයක් හදා ගත්තොත් හොඳයි කියල. ඒක නිසා මේ දවස් වල පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ලියා ගෙන යනව. බලමු ඒකත් ඉක්මනට ඉවර කරගන්න.

අනං මනං කිය කිය හිටියට තාම මං ලියන්නෙ යන්නෙ මොනවද කියල කිව්වෙ නෑනෙ. ප්‍රධාන වශයෙන්නම් ඉතින් ලියන්න බලාපොරොත්තුවෙන්නෙ .NET ගැන තමයි. ඊට අමතරව ඉතින් ඔය කාපු බීපු දෙයක් ගැන හරි ලියන්න බැරියැ. ඇත්තටම මට මේ බ්ලොග් එක ලියන්න හිතුනෙ කරුණු දෙකක් හින්ද. එකක් තමයි මම දන්න දෙයක් කාට හරි කියල දෙන එක. අනෙක තමයි මම නොදන්න දේවල් ඉගෙන ගන්න එක. මොකද ඉතින් මාත් තාම ඉගෙන ගන්න කෙනෙක් නේ. මම ලියන දේවල් වල අඩුපාඩුවක් වැරැද්දක් තිබුනොත් මම හිතනව කවුරු හරි මට ඒක පෙන්නල දේවි කියල. එතකොට ඒකෙනුත් මට මොනවහරි ඉගෙන ගන්න පුළුවන් වේවි නේ. හරි එහෙනම් දැනට මෙච්චරයි. ඊළඟ දවසෙ හොඳවයින් මොනවහරි ටිකකුත් එක්ක හම්බවෙමු. එහෙනම් ගිහිල්ල එන්නම්.